කල්පිටියෙන් ’’අලි මඩුවෙක්’’


 

 

 
(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය කුඩාව මුහුදේ කිලෝ ග්‍රැම් 1000 කට ආසන්න බරින් යුතු,"අලි මඩුවෙකු" අද (2 ) සවස ධීවර දැළකට හසු වූ බැව් කුඩාව සෙමුතු ධීවර සමිතියේ සභාපති සුගත් එම්මානුවෙල් මහතා පවසයි.

මෙම මඩුවා විශාල කඹයක ආධාරයෙන් ගැට ගසා ගෙන ගොඩ බිමට ඇදගෙන ආ බැව් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.

නව වසර වෙනුවෙන් දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් වශයෙන් සලකා මෙම මත්ස්‍යා ,තොටුපළේ ධීවර ප්‍රජාව බෙදා ගෙන ඇත.