කසල වෙන්කිරීම ගැන පෙර පාසලෙන් පාඩමක්


( රංජිත් රාජපක්‍ෂ)

කසල වෙන්කිරීම පිළිබඳව හැටන් ප‍්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (18) හැටන් පෙර පාසලක දරු දැරියන් පිරිසක් එක්ව සංවිධානය කර තිබිණි.  

හැටන් දික්ඔය නගර සභාව සමග එක්ව මෙම පෙර පාසල් දරුවන් ක්‍රියාත්මක කළ වැඩසටහනේ දී කැළි කසල තම නිවසේ දී ප‍්‍රතිචකි‍්‍රකරණය කර ගත හැකි ආකාරය හා නගර සභාවේ කැළි කසල එකතු කරන රථ වාහන වෙත ඒවා වෙන් කර ලබා දිම පිළිබදව ප‍්‍රදේශවාසින් දැනුවත් කිරිමක්ද සිදුකෙරිණි.