කළු ඟඟ පිටාර ගලයි - මාර්ග රැසක් ජලයෙන් යටවෙයි


(ඩි එන් සෙන්දනායක)

 
අධික වර්ෂාව නිසා කළුගඟ පිටාර ගැලිමෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී  ගමනාගමනය අඩාල වී ඇත.
 
මේ හේතුවෙන් කළුතර බුලත්සිංහල ප්‍රධාන මාර්ගයක් වන දියාකඩුව මාර්ගය ස්ථාන කිහිපයක් ද බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ පරගොඩ  පෙදෙස ද ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු සම්පුරණයෙන්ම ඇන හිට තිබේ.
 
අගුරුවාතොට නාර්තුපාන සමනල  පාලම සමීපයේ ස්ථාපනය කර ඇති  කළු ගඟේ අගුරුවාතොට ප්‍රධාන ජලමිනුම් ස්ථානයේ  ජලමාපකයේ කළු ගඟේ ජල මට්ටම මීටර් දහයකට ආසන්න පිටාර මට්ටමේ සටහන් ඇත.
 
බුලත්සිංහල ගංවතුර පවතින ප්‍රදේශ  සඳහා නාවික හමුදා බෝට්ටු කණ්ඩායම් යොදවා තිබේ.