ක්‍රිකට් කළමනාකරු බිම වාඩිවෙයි


(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස )
 
ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පැවැත්වෙන දිවා රාත්‍රී තරගයේ සුදානම පිලිබදව සොයාබැලීම සදහා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාත්, ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාත් පැමිණ සිටි අතර ඔවුන් දෙන්නා අමුත්තන්ගේ නැරඹුම් කාමරයේ තවත් පිරිසක් සමග වාඩිවී සිටියදී ක්‍රිකට් කලමණාකරු අසංක ගුරුසිංහ මහතා පැමිණියේය.

ඉහලින් වාඩිවී සිටි කීපදෙනකු ගුරුසිංහ මහතාට ඇමති අසල පුටුවෙන් වාඩිවන ලෙස දැන්වුවද ඔහු එකවරම ඇමති හා සභාපති ඉදිරිපිට බිම වාඩිවිය. මාධ්‍යවේදීන් එකවරම ඡායාරුප ගන්නවාත් සමග ඇමති දයාසිරි කිවේ "නැගිටින්න...නැගිටින්න, බිම වාඩිවෙන්න එපා. ඕකත් හෙට මීඩියා වැටෙයි ." ලෙසයි. නමුත් සභාපතිවරයාද ඔහුට නැගිටින ලෙස කීවද නැගිට්ටේ නැති නිසා මඳ වෙලාවක් සිටි ඇමති හා සභාපති පුටුවලින් නැගිට පිටව යන්නට විය. එ්ත් සමග ගුරුසිංහ මහතාද ජනේලයේ ආධාරයෙන් නැගිට ඒ සමගම පිටතට ගියේය .