කාන්තා දිනය සමරමින් පාගමනක්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ නම් සංවිධානය  කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල සිට මහජන පුස්තකාලය දක්වා පාගමනක් පැවැත්වීය. 

 
‘‘ජාතිවාදය පරදවමු  - ජාතික සමගිය ගොඩනගමු‘‘  යන   තේමාව යටතේ මෙය පැවැත්වූ අතර විවිධ වෘත්තීන් නියෝජනය කරමින් කාන්තාවෝ රැසක් පාගමනට එක්ව සිටියහ.
 
පා ගමන අවසානයේ කාන්තා සමුළුවක්ද පැවති  අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එහිදී විශේෂ දේශනයක් පැවැත්වීය.