කැකිරාවේදී බසයකට වන අලි ප්‍රහාරයක්- 6ක් රෝහලේ


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී සුඛෝපබෝගී බස් රථයකට වන අලි රංචුවක් පහර දීමෙන්  එහි ගමන් ගත් හත් දෙනකු  තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි.

මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ  සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් වේගයෙන් ධාවනය වෙමින් තිබියදී කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී එක වරම වන අලි පහළොස් දෙනෙකුගෙ පමණ රංචුවක් ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී  මෙම  බසය අලි රංචුවේ හැපී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් පසු  කළබල  වු අලි රංචුව බසයට පහර දී තිබේ. 

අනතුරින් පසුව බස් රථය පැදවූ රියදුරු රිය අසුනේම සිරවී විනාඩි 35 ක පමණ කාලයක් සිටියදී ප්‍රදේශවාසීහු දැඩි පරිශ්‍රමයක් යොදා සිරවී සිටි ඔහු එළියට ගෙන කැකිරාව  රෝහලට ගෙන ගොස් තිබේ. 

නිතර අලි හුවමාරු වන ප්‍රදේශයක් වන මෙම ස්ථානයෙ මීට පෙරද අනතුරු සිදු වී ඇතැයි ප්‍රදේශවාසිහු කියති.