කුරුණෑගල - කොළඹ පාර අවහිර කරති


පුෂ්පකුමාර ජයරත්න

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී උද්ගත වී ඇති ගැටළු වලට පිළිගත හැකි ස්ථිර විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවන ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව අද පස්වරුවේ කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගය මල්පිටිය ප්‍රදේශයෙන් හරස් කරමින් විරෝධතාවක් ආරම්භ කළහ.