කුරුණෑගල වැවෙන් ඉපැරණි මුරගල් දෙකක් මතුවෙයි


(පුෂ්පකුමාර ජයරත්න)

මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල වැවේ ජලය අඩුවීමෙන් පසුව ඉපැරණි මුර ගල් දෙකක කොටස් මතුව තිබේ.

කුරුණෑගල වැව් තාවල්ල ආසන්නයේ  පිහිටි වැවේ ඉපැරණි සොරොව්වට සම්බන්ධ ගල් බැම්මේ කොටසක මෙම මුරගල් තිබෙන ආකාරය දැකගත හැකිය.

අඩි දෙකක් පමණ දිගින් සහ අඟල් අටක් පමණ පළලින් යුත් මෙම මුරගල් දෙකෙහි බහිරව රූප කොටා ඇති ආකාරය ද දැකගත හැකිය.

මේ ආකාරයට කුරුණෑගල වැවේ ජල පරිමාව අඩු වූයේ ඉතා දිගු කලකට පසුව බැවින් සොරොව්ව සහිත කොටස සම්පුර්ණයෙන්ම මතුවීම හේතුවෙන් ඊට සම්බන්ධව පවතින මෙම මුරගල් ද මතුවී දර්ශනය වේ.