කෙලෙසද කල් දමනු අවසන් ගමන මෙම


දින දින නැගෙන අරගල වෙයි නොවන             නිම

අවදානමකි මුළු රට බැලු තැනම                    හැම 

දිවි මග ගෙවෙන කල කඳුළැලි මැදින්               එම 

කෙලෙසද කල් දමනු අවසන් ගමන                 මෙම 

(පද: ආරියසේන හඳුවල)

(වියලුව වාර්තාකරු)

මීගහකිවුල, කොහාන ගම්මානයේදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුර  අවසන් කටයුතු සදහා ගම්වාසීන් එක්ව බදුලුඔයේ කරවටක් ගිලෙමින්  එගොඩ පිහිටි මාළිගාතැන්න පොදු සුසාන භූමිය වෙත රැගෙන ගිය අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරුණි.

බදුලු ඔයේ තල්දෙන අහස් මංකඩ තොටුපොල හරහා පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තල්දෙන, කුකුරුමහන්තැන්න 11 කණුව, ගල්ගේලන්ද , ආදී ගම්මාන රැසක ජනතාව සිය අවශ්‍යතා සඳහා මෙම තොටුපොළෙන් එගොඩ මෙගොඩ වන්නේ බදුලු ඔයේ සැඩපහරේ කරවටක් ගිලෙමිනි.

බදුලු ඔයෙන් එගොඩ පිහිටි පන්සල, පාසල, බෙහෙත් ශාලාව, තැපැල් කන්තෝරුව ,වෙළෙඳපොළ, වෙල් යාය මෙන්ම සුසානභූමිය කරාද ගම්මුන්ට යාමට සිදුව ඇත්තේ බදුලු ඔයේ කරවටක් ගිලෙමිනි.