කොරෝනා අස්සේ මගී නැවක් හම්බන්තොටට


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ වයිරසය ව්‍යාප්ත වීමෙන් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් ඉන්ධන ලබාගැනීමට පළමු මගී ප්‍රවාහන නෞකාව අද (25) එම වරායට සේන්දුවිය.

‘නැවිගේටර් ඔෆ් ද සීස්’ නැමැති මෙම නෞකාව එම වරායට සේන්දුවීම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉන්ධන සැපයීමේ සේවාවන්හී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බවත් එම නෞකාවේ සිටින පුද්ගලයන් 217 සෞඛ්‍ය හේතූන් මත නෞකාවෙන් පිටත පැමිණීමෙන් වැළකී සිටි බවත් එම වරාය පවසයි.

ඊජිප්තුවේ පෝට් සෙයිඩ් සිට දකුණු කොරියාවේ යෝසු වෙත යාත්‍රා කරමින් තිබියදී ඉන්ධන ලබාගැනීම සඳහා හම්බන්තොට වරායට එම නෞකාව ඇතුල් විය.