කොළඹ හෝටල ප්‍රදර්ශනය ඇරඹෙයි


(නිමල කොඩිතුවක්කු)

ලංකා හෝටල් පාසැල් උපාධිධාරි සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘Hotel Show Colombo 2018’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (20) ආරම්භ විය.

සංචාරක ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් මේ සදහා එක්විමට නියමිත අතර අනිද්දා(22) දක්වා මෙය පැවැත්වේ.

Hotel Show Colombo 2018 සමාරම්භක උත්සවය සදහා සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන   අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මේ සදහා එක්ව සිටියහ.