ගම්මු පිඹුරාගේ දිවි බේරති


(සටහන සහ ඡායාරූප - බෙන්තොට ජේ.ඉඳුරුවගේ)


බෙන්තොට, ආරච්චිමුල්ල, දෙගල්ල ඇලේ අටවා තිබූ මාළු දැලකට හිරවී සිටි විශාල පිඹුරෙකුගේ දිවි ගලවා දීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ.


මාළු දැලේ පුඩු තුල සිරවී හා දැලේ පැටළීමෙන් ගෙළ ප්‍රදේශය දැඩි ලෙස සිරවීමෙන් මරණාසන්නව සිටි අඩි 15 ක් පමණ වූ මෙම පිඹුරා ඉමහත් වෙහෙසක් දරා ප්‍රවේශමෙන් ගොඩට ගත් ගම්වාසීහු කතුරු හා පිහි ආධාරයෙන් දැලේ කොටස් කපාදමා පිඹුරා මුදා ගත්හ. ජීවිත දානය ලැබූ පිඹුරා හෙමින් සීරුවේ අසළ වූ ඇළ මාර්ගයටම ගොස් පිහිනා ගියේය.