ගල ඔය හරහා දැව කඳක් මතින්


(ප්‍රසන්න පත්මසිරි) 

බිබිල මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක ගම්මානවල ජීවත්වෙන ජනතාව වසර 30 ක කාලයක් තිස්සේ  ගල ඔය හරහා දැව කඳන් මතින් යනෙන පිරිසකි.

මැදගම  තාරාපොළ ගම්මානයේ ජනතාව එදිනෙදා කටයුතු සදහා ගල ඔය හරහා බිබිලට එන්නේ ඉතා අවදානම් සහිත මෙම දැව කඳක් මතිනි.

දිනකට පාසල් දරුවන් 15 දෙනෙකු පමණ  සහ ගොවි නිෂ්පාදන රැගෙන ගැමියන් 50 දෙනකු පමණ දෙනා මෙම අසීරු  ලී කොටය පාලමක් බවට පත් කරගෙන තිබේ.

වනයේ තිබෙන හල්මිල්ල වැනි වටිනා දැව කපා ඔය හරහා දමා ඇති අතර මෙයින් ඔයට වැටී ගැමියන් අනතුරුවලට ලක්ව ඇතැයි ඔවුහු කියති.

තාරාපොළ ගම්මානයේ ජනතාවට ගොවි නිෂ්පාදන පිටකුඹුර පොළට ගෙන ඒමටත් දරුවන්ට පිටකුඹුර හා බිබිල පාසල් වලට යාමටත් තිබෙන කෙටිම මාර්ගය මෙයයි.

වසර ගණනාවක් තිස්සේ බලධාරීන්ගෙන් විසඳුම් ඉල්ලූවද මෙතෙක් ඉටු නොවූ බව ගැමියෝ කියති.