ගාල්ලේදී රාජිතට වි⁣රෝධය


(යක්කලමුල්ල විශේෂ  ජේ.කේ.එල් චාමින්ද)


රජිත සේනාරත්න ඇමතිවරයා විසින් රණවිරුවන් සැමරිම සම්බන්දයෙන්  සිදුකොට ඇති ප්‍රකාශයයට විරෝධය දක්වමින් ආබාධිත රණවිරුවන් පිරිසක් හා  රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ බිරින්දෑවරු පිරිසක් අද (19) ගාල්ල නගරයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදි විරෝධතාවයක නිරත වුහ.


පළමුව මෙම පිරිස රණවිරු ස්මාරකයට පුෂ්පඋපහාරද දැක්වනු ලැබිය.


රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශය හෙලා දකිමින් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් මොවුන් විරෝධතාවයේ නිරතවුහ.
රාජිත ඇමතිවරයාගේ මෙකි ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දක්මින් මෙම පිරිස විරෝධතාවයේ නිරතවුහ.