ගිලන් රථ 118 ක් බෙදා දෙයි


(ළහිරු හර්ෂණ)

දිවයින පුරා පිහිටි රෝහල් මධ්‍යම රජයේ හා පලාත් රෝහල් පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 1082 වටිනා ගිලන් රථ 118ක් බෙදාදීම කොළඹ මහනගර සභා භූමියේදී  සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන හා ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත  මෙම ගිලන්රථ  ලබා දී තිබේ.

 සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම උත්සවය පැවැති අතර ,  නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කසීම්  හා  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු  මේ සඳහා සහභාගී වුහ.