ගෝඨා දළදා සමිඳු වැදපුදා ගනී


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය

ගෝඨාභය රාජපක්ෂ මහතා  දැක බලා ගැනීම සඳහා විශාල ජනතාවක් ද මහනුවර නගරයට පැමිණ සිටින අයුරු දැකගත හැකිවිය.

මේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද පැමිණ සිටියහ.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා