ඡාත්‍යන්තර කාන්තා දිනය සැමරේ


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 

ඡාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සමගි වනිතා බලවේගය සංවිධානය කළ  කාන්තා දින වැඩසටහන තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් උත්සව ශාලාවේ දී විපක්ෂනායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (8) පැවැත්විණි.

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න, සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ඇතුළු කාන්තාවන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

මැණික් ගුණසේකර සහ නබීලා යාසින් යන මහත්මීන් විසින් කාන්තාවන්ට ඇති අභියෝග යන තේමාව යටතේ විශේෂ දේශණ ද පවත්වනු ලැබීය.

කාන්තා දිනය වෙනුවෙන් සමගි වනිතා බලවේගය සංවිධානය කළ විශේෂ චිත්‍ර තරගයේ ජයග්‍රාහිකාවන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.