ජනපති කල්පිටි දූපතේ සංචාරයක


(පද්මා කුමාරී කංකානම්ගේ )

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) කල්පිටිය මොහොත්තුවාරම රජයේ විදුහලේ  ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය . ජනාධිපතිවරයෙකු කල්පිටිය දූපතට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

මොහොත්තුවාරම පෙන පිඩු ගම්වාසීන්ට නිවාස යෝජනා ව්‍යාපෘතියක් ලබා දීමටද ජනාධිපතිවරයා  පොරොන්දු විය. ඒ සදහා ඉඩම් වාර්තා සති තුනක් තුල තමන්ට ලැබෙන්නට සලස්වන ලෙසට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝම තිලක මහතාට දැනුම් දුන්නේය.

මොහොත්තුවාරම අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඉදිකිරීම , ඉඩම් හිමිකම්  ප්‍රදානය , කල්පිටිය තුරඅඩිය යාවෙන පටු පාලමක් ඉදිකරීම සහ මොහොතුවාරම රජයේ විදුහලේ හය වන ශ්‍රේණිය ලබන වසරේ සිට ස්ථාපනය කිරීම යන ඉල්ලීම ප්‍රදේශවාසීහූ ජනපතිට ඉදිරිපත් කළහ.