ජනපති පිලිපීනයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක


 

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පෙරවරුවේ පිලිපීන පොලිස් මූලස්ථානය වෙත ගොස් එහි මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.  

පිලිපීන රජය විසින් ගෙන යනු ලබන නිතී විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ප්‍රදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිතුමා මෙහිදී එක්විය.

ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

 

(36698)