ජනපතිවරණ සටන නිමාවීමෙන් පසු


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා  මැතිවරණ කොමසාරිස් මහින්ද  දේශප්‍රිය මහතා විසින්  සියලු අපේක්ෂකයින් රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවීමෙන් අනතුරුව යළි සියලු දෙනා මැතිවරණ කොමිසමෙන් පිටව යන අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.

නව ජනාධිපති ලෙස තේරීපත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අපේක්ෂකයන් එහි පැමිණ සිටි සිය ආධාරකරුවන්ට  ආචාර කරමින් ඉන් පිටව ගිය අතර ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත.

රැස්ව සිටින පාක්ෂිකයින් ප්‍රීතී ඝෝෂා නගමින්  සිටින අයුරු දැකිය හැකි විය.