ජා.ජ.බ. පාගමන වාද්දූවෙන් ඇරැඹෙයි


(මුදිතා දයානන්ද )

ආණ්ඩුවට එරෙහිව ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු මැයෙන් ජාතික ජනබලවේගය සංවිධානය කළ උද්ඝෝෂණ පාගමන දෙවන දිනටත් අද(18)වාද්දුව නගරයෙන් ආරම්භ විය.

මෙම පාගමන පෙරේදා පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භව වාද්දුවෙන් අවසන් විය.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස , කේ.ඩි ලාල්කාන්ත, රංගන ශීල්පි රවීන්ද්‍ර යසස්, නීතිඥ හර්ෂණ නානායක්කාර ඇතුලු ජාතික ජනබගවේගයේ නායකයෝ රැසක්ද විශාල ජනතාවක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම පාගමන අද(18) පස්වරුවේ මොරටුව නගරයෙන් අවසන් කිරිමට නියමිත අතර හෙට එය කොළඹ ලිප්ටන් වටරවුම දක්වා ගමන් කරනු ඇත.