ජෝන්ගේ රියට රනිල් නගියි


(අංජුල මහික වීරරත්න)

 ජනරාල් ශ්‍රීමත්  ජෝන්  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන්  පැවති උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පාවිච්චි කළ ඉපැරණි මෝටර් රථයට නැග්ගේය.

ජෝන් කොතලාවල වලව්ව පිහිටි කෞතුකාගාර පරිශ්‍රයේ එම මෝටර් රථය ප්‍රදර්ශනයට තබා ඇත.

"1ශ්‍රී1"එහි අංකයයි.