තක්සේරුකරුවෝ උද්ඝෝෂණයක


( ශාන්ත රත්නායක )

තක්සේරු දෙපාර්තමේන්තුව දියකර හැරීමේ වැඩපිළිවෙලක් ඇති බව පවසමින් සහ එය වහා නවත්වන ලෙස රජයට බලකරමින් රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය අද (22) එම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යබාරය ක්‍රමක්‍රමයෙන් පුද්ගලික තක්සේරු ආයතන හා තක්සේරුකරුවන්ට ලබාදෙමින් මහජන මුදල් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විරෝධතාකරුවෝ පැවසූහ.