තලවිල මංගල්‍යය ඇරැඹේ


පද්මා කුමාරී කංකානම්ගේ  
 
කතෝලික බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූ වැළි කතරේ මිත්තණියගේ පිං බිම යයි විරුදාවලි ලත් තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ශික මංගල්‍ය සමාරම්භය සනිටුහන් කරනු ලබන  සාම්ප්‍රදායික කොඩි ගස එසැවීම අද දින සවස උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
 
තලවිල සිද්ධස්ථාන පරිපාලක  නෙල්සන් සමන්ත ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්විණි. මෙදින සිට දිනපතා සවස හයට නුවානයන් පැවැත්වේ.
 
වෙස්පර්ස් දේව මෙහෙය අගෝස්තු 04 වැනි දා  සන්ධ්‍යාවේ පැවැත්වේ. මංගල්‍ය ප්‍රධාන දේව මෙහෙය අගෝස්තු 05 ඉරිදා උදේ 7ට වැලන්ස් මෙන්දිස් හලාවත රදගුරුතුමාගේ හා ක්‍රිස්ටියන් නායෙල් එම්මානුවෙල් ත්‍රිකුණාමලය රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
 
මෙවර මංගල්‍ය තේමාව වනුයේ "යහ මග යන දේව  දරුවෝ වෙමු අපි" යන්නයි.
 
මේ වන විට 50,000 අධික බැතිමතුන් පිරිසක්   පුද බිම හා ඒ අවට කඳවුරු බැඳ සිටින බැව් කල්පිටිය පොලිසිය පවස යි.