තවත් කඳුකර දිවියෙක් මන්දකට හසුවෙයි


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)     

   

  (ඡායාරූප - සුදත් එච්. එම්. හේවා)          
 
වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ මන්දකට පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියෙකු හසු වී ඇති බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන කනිල්වර්ක් වත්ත පළමු කොටසේ වතු නිවාස පේලියට පිටුපස ලඳු කැලෑවක අද (12) අලුයම මන්දට හසු වී සිටියේය.
 
දිවියා නිර්වින්දනය කර මුදා ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
තේ වත්තේ සැරිසරන වන සතුන් දඩයම් කිරීම සඳහා වතු කම්කරුවෙකු අටවන ලද මන්දකට දිවියා හසු වී ඇති අතර, තේ වතු ආශ්‍රිතව අටවා ඇති මදු ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විටත් වතුකරය පුරා වනජීවි දෙපාර්තුමේන්තුව මගින් ආරම්භ කර ඇත.
 
ගොදුරු සොයා තේ වත්තේ සැරිසරන දිවියන් පසුගිය කාලයේ මෙසේ මදුවලට හසු වී සිටියදි ඉන් දිවියන් කිහිපදෙනෙකු මුදා ගැනීමට වනජිවි නිලධාරින් සමත් වු අතර කළු කොටියෙකු ඇතුළු දිවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයටද පත් විය.

කඳුකර දිවියාගේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න - මන්දට හසු වූ කඳුකර දිවියා මුදා ගනී