ත්‍රීරෝද රිය ප්‍රපාතයට


( රංජිත් රාජපක්‍ෂ )

හැටන් - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ තලවාකැලේ සෙන්ටික්ලෙයාර් දියඇල්ල ප‍්‍රදේශයේදී ති‍්‍රරෝද දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් ත්‍රීරෝද රථයක් ප්‍රපාතයට පෙරලී තිබූ අයුරු.

ප්‍රපාතයට වැටුණු ත්‍රී රෝද රථයේ රියදුරු ඇතුළු දෙදෙනකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප‍්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ද අනෙක් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයිද තලවාකැලේ පොලිසිය කියයි.