තේ කර්මාන්තයට වසර 150යි


(ඡායාරූප - ගයාන් අමරසේකර)

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් මුල්දින කවරයක් නිකුත් කිරීමේ උත්සවයක් අද(13) වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නවම් මාවතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ, ශ්‍රී ලංකා මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ එච්.වී.ඩී.අයි.අබේවික්‍රම යන මහත්වරු එම අවස්ථාවට එක්වූහ.