දඹුල්ලට එන කැකිරි අලින්ට දෙයි


කාංචන කුමාර ආරියදාස 
 
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විශාල වශයෙන් කැකිරි අස්වනු ලැබුනත් බවත් ඒවා අලෙවි නොවීම නිසා දඹුල්ල දිගම්පතහ  රජයේ රක්ෂිතයේ වන අලින්ගේ ආහාර බවට පත් වන අයුරු අද දින දැකගැනීමට හැකි විණි.

 
ලොරි රථවලින් සහ ටිපර් රථ වලින් දිගම්පතහ  රජයේ රක්ෂිතයට ගෙනැවිත් දමන කැකිරි  ආහාරයට ගැනීමට 25කින් පමණ යුත්   අලි රංචුවක් සැදීපැහැදී සිටින ආකාරයත් අවම තරමේ ටැක්ටර් රථයෙන් කැකිරි   බිමට බෑමට වත් ඉඩ නොදී වනඅලින් ඒ  පිටුපස එන ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැකිරි කිලෝවක තොග මිල රුපියල් පහක් 5 ක් වැනි ඉතා අඩු මුදලකි. එම මුදලට හෝ කැකිරි මිලදී ගැනීම සිදු නොවන බව ගොවීහු පෙන්වා දෙති.
 
පසුගිය කාලයේ මේ ආකාරයෙන් වට්ටක්කා අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීහු   අලින්ටත් එමෙන්ම දන්සැල් දීමටත් පෙළඹෙන්නට විය. තවමත් වට්ටක්කා කිලෝවක තොග මිල පවතින්නේ ද රුපියල් දහයකටත් වඩා අඩු මුදලකටය. එමෙන්ම කැකිරි වලට අමතරව තවත් එළවළු වර්ග රැසක් වන අලින්ගේ ආහාර බවට පත්වන ආකාරය අප නිරීක්ෂණය කළෙමු.