දයාසිරි-ගෝඨා සාකච්ඡාව 2020 ගැනද?


මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව දේශපාලනයේ මේ දිනවල යන කතාබහකි. 
 
දේශපාලනයේ සදාකාලික හතුරන් හෝ මිතුරන් නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේකෂකයා වීමට ටික කාලයකට පෙර කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී කීවේය.  පසුගිය පළාත් පාලන ඡන්දයේ දී රත්නපුර පැවැති ජන හමුවකදී ද ජනපති කීවේ දේශපාලනයේ සදාකාලික හතුරන් නැති බවයි. 
 
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී වත්මන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඔහු දැඩි ලෙස විවේචනය කළේය. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කියමන සැබෑ කරමින් ජනාධිපතිවරයෙන් පසු දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප අලුත් නායකයා වූ සිරිසේන මහතා සමඟ හිටගත්තේය. 
 
මහින්ද පිල මේ වන විට සිරිසේන පිල සමඟ සිටින්නේ දෙපසකට වීය.   2020 ජනාධිපතිවරණයේ ඒකාබද්ධයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි යන කතාවට ශ්‍රීලනිප මන්ත්‍රීවරු එකඟ නොවෙති.  ජනපතිගේ එදා ප්‍රකාශ කළ පරිදිම දේශපාලනයේ සදාකාලික සතුරනුත් මිතුරනුත් නැත. දෙපසක සිටගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දයාසිරි ජයසේකර මහතා අද එකට හමුවූහ. ඒ බන්දුල ගුණවර්ධන මහතාට දර්ශනශූරී උපාධිය පිරිනමන උත්සවයේදීය. 
 
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දයාසිරි ජයසේකර මහතා මෙන්ම දෙපසකට වී ප්‍රතිවිරුද්ධ ආර්ථික තර්ක නගරමින් සිටින බන්දුල ගුණවර්ධන මහතා සහ ආචාර්ය හර්ෂද සිල්වා ද සුහදව කතාකරමින් සිටිනා අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය.   
 
ඡායාරූප ඉෂාන් සංජීව