දිය - ගොඩ දෙකම එක නාවිකයෝ


 

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ජාතික නිදහස් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිය ගොඩ තරණ කිරීමේ සමත්කම් ප්‍රදර්ශනය කිරීමේ විශේෂ මෙහෙයුමක් කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේදී අද (04) සවස පැවැත්විණි.

නාවික හමුදා ගොඩබෑමේ නෞකා  බලගණය විසින් මෙම ප්‍රදර්ශනාත්මක මෙහෙයුම ක්‍රියාත්මක කෙරූ අතර එය නැරඹීම සඳහා ජනතාවද ගාලුමුවදොර පිටිය අසල රැස්ව සිටි අයුරු දැකගත හැකි විය.

මෙම ප්‍රදර්ශනාත්මක දැක්ම ලබන 06 සහ 07 දෙදින ද පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත.