දීප උයන අසලින් ගල් කණු 22 ක්


ක.ග කරුණාරත්න

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය පුළුල් කිරීම සඳහා බැකෝ යන්ත්‍රයකින්  හැරීමේදී ඉපැරණි දීප උයන ඉදිරිපිට මාර්ගයෙන් පුරාවස්තු හමුවූ ස්ථානයේ විධිමත් පුරාවිද්‍යා  කැණීමක් සිදු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදු කිරීමට නියමිත බව ප්‍රාදේශිය  විද්‍යා  සහකාර  අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ සුමනදාස මහතා පැවසීය.

පුරාවිද්‍යා ස්මාරක හමුවූ ස්ථානයේ මැනුම් කටයුතු සිදුකර අදාල සිතියම් ගත කිරීමේ මූලික කටයුතු දැනට සිදු කෙරෙමින් පවතින බවද ඒ මහතා කීය.

ඉපැරණි දීප උයන ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ බැකෝ යන්ත්‍රයකින් හැරීමේ කටයුතු සිදු කරද්දී ඊයේ (22) දහවල් මෙම පුරා විද්‍යා ස්මාරක මතුවිණි.

එම ස්ථානයේ තිබී ඉපැරණි ගල්කණු 22 ක් මේ වන විට මතුවී ඇතැයි පුරා පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කළ අතර එම  ස්මාරක හමුවූ ප්‍රදේශය  සහ ඒ අවට මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු තාවකාලිකව නතර කරන ලෙස  අදාළ ඉදිකිරීම් කටයුතු සිදුකරන පෞද්ගලික සමාගමට උපදෙස් දී ඇති බවද සඳහන් කළේය.