දොම්පෙට කසල ගෙනෙනවාට යළි විරෝධය


(උපාලි රණවීර)

කොළඹ නගරයේ කසල නැවත වරක් දොම්පෙ කිරිඳිවැල ඒකාබද්ධ කසල කළමානාකරණ මධ්‍යස්ථානයට රැගෙන ඒමට එරෙහිව ප‍්‍රදේශවාසීහු අද(3) පෙරවරුවේදී විරෝධතාවයක නිරත වූහ.

කිරිඳිවැල, මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගය අසල පැවති මෙම විරෝධතාවයට මාලිගාවත්ත, ගුරුගම දියවාල, මැද්දෙගම, කිරිඳිවැල යන ප‍්‍රදේශවල ජනතාව සහභාගී වී සිටියහ.

සතියක පමණ කාලයක සිට කොළඹ නරග සභාව මගින් මෙම මධ්‍යස්ථානයට කසල ලොරි 54ක් පමණ රැගෙන ආ බව විරෝධතාකරුවෝ කියති.

පැයක පමණ කාලයක් පැවැති විරෝධතාවය සමකාමීව අවසන් කෙරිණි.