නල්ලූර් තේරි පූජාවට ලක්ෂ ගණනක්


(රොමේෂ් මධුෂංඛ)

යාපනය නල්ලූර් කෝවිලේ අවසන් තේරි පූජාව අද (20) ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී පැවත්වෙයි.

දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නල්ලූර් මංගල්‍යය පැවැත්වුණු අතර මංගල්‍ය පැවති කාල සීමාව තුළ ලක්ෂ 7කට අධික පිරිසක් පූජා සඳහා සහභාගි වූ බව කෝවිලේ භාරකාර මණ්ඩලය පැවසුවේය.

දින 25ක කාලයක් පැවති නල්ලූර් වාර්ෂික මංගල්‍ය පූජා කටයුතු හෙට (21) පැවැත්වෙන දිය කැපීමේ පූජාවෙන් අනතුරුව නිමා කිරීමට නියමිතය.