නව නාවික හමුදාපති වැඩ බාරගනී


(ඉන්දිකා රාමනායක)

නාවික හමුදාවේ 22 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වු  වයිස් අද්මිරාල් එස් රණසිංහ මහතා අද  (26) නාවික හමුදා මුලස්ථානයේ දී සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්තේය.

21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ  අද්මිරාල් ට‍්‍ර‍්‍රෑවිස් සින්නයියා මහතා විසින් නව නාවික හමුදාපතිවරයා වෙත  නාවික හමුදාපති ධුරය සංඛේතවත් නිල අසිපත සම්ප‍්‍රදානුකූලව පිරිනැමුවේය.

එහිදී නව නාවික හමුදාපතිවරයා වෙත විශේෂ සම්මාන මුරයක් පවත්වා ආචාරය පුදකරන ලදි.

සර්ව ආගමික වතාවත් මැද නව නාවික හමුදාපතිවරයා  විසින් සිය ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
මෙම අවස්ථාවට  ඒ මහතාගේ බිරිද සන්ධ්‍යා රණසිංහ මහත්මිය , දියණිය සපුණි රණසිංහ හා ඥාතීහූ සහභාගි වුහ.