නිදහස් වෙළඳ කලාපයේ ආයතනයක සේවකයෝ උද්ඝෝෂණයේ


කටුනායක නිදහස් වෙළද කලාපයේ  පෞද්ගලික  ආයතනක සේවක සේවිකාවන්ගේ  ගැටළු  හා ඉල්ලීම්  වහා විසඳා දෙන්නැයි  පවසමින් ,  අන්තර් සමාගම් සේවක සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද  (26)  කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

ඔවුහු  පාලනාධිකාරිය සමඟ  සිදු කළ  සියලු සාකච්ඡා අසාර්ථක වීම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අවධානය යොමු නොකිරීම හා අහිමිකළ සේවක ඉපයීම රුපියල් 20000 හා සේවක වැටුප් සියට 16.5 හා රුපියල් පන්සීය වහා ලබාදෙන ලෙස බලකරමින්   එහිදී සේවක සේවිකාවෝ විරෝධතාවය දැක්වුහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)