නියඟය පරදා රාජාංගනයේ ගොවීහු අස්වනු නෙළති


( ජයරත්න වික‍්‍රමාරච්චි )
 
දින දහයකට වරක් මුර ක‍්‍රමයට අතිරේක බෝග සඳහා ලබාදුන් වාරි ජලය පරෙස්සමින් යොදාගෙන මෙවර යල කන්නයේ දී වී වගා කිරීමට රාජාංගනය ගොවි ජනපදයේ ගොවීන් පිරිසක් ගත් උත්සහයක් සාර්ථක වී තිබේ.

කන්න දෙකක් තිස්සේ පවතින නියඟය හේතුවෙන් වියළි කලාපයේ වී වගාව දැඩි පසුබෑමකට ලක් වූ අතර මේ නිසා එම ප‍්‍රදේශවල ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් විය.

මේ නිසා දේශීය සහල් නිෂ්පාදනයද බිඳ වැටිණි.