නිල්ගල වන රක්ෂිතය ගිනිගනී


(ප්‍රසන්න පත්මසිරි)

බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය දින තුනක් තිස්සේ විටින් විට ගිනිගැනිම නිසා අක්කර 50ක පමණ භුමියේ ගස් වැල් විනාශ වී ඇතැයි අවට ප්‍රදේශවාසීහු කියති.

නිල්ගල ඖෂධීය වනය බුද්ධදාස රජුගේ ඔසු උයන ලෙස සැලකෙන බවද කියැවේ.සෑම වසරකම නියං කාලයේදී මෙලෙස ගිනි ගන්නා බව  ඔවුහු පවසති.

බිබිල අඩවි වන නිලධාරී අතුල දිවාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ වනය ගිනි ගන්නා අවස්ථාවලදී වන අඩවි කාර්යාලයේ නිලධාරීන් එක්ව ගින්න නිවා දමන බවයි.

නියං කාලයේදී සුලඟ නිසා පැතිරී යන ගින්න නිවා දැමීමට අසීරු බවද ඒ මහතා පැවසීය.