නුවරඑළියට මල්තුහින


(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය නගරය හා ඒ අවට බොහෝ ප්‍රදේශයන්ට අද (6) අලුයම් කාලයේ මල් තුහින පතිත වී තිබිණි.

මෙසේ වසරකට වරක් බොහෝ අවස්ථාවන්වලදී නුවරඑළියට මල් තුහින පතිතවන අතර මෙම වසරේ මුල්වරට එසේ මල් තුහින පතිතවීම සිදුවිය.

නුවරඑළිය රේස් කෝස් පිට්ටනිය තුළ විශාල වශයෙන් මල් තුහින පතිතවී තිබු අතර අලුයම් කාලයේ සිට උදෑසන හිරු එළිය වැටෙන තෙක් මෙම මල් තුහින දැකීමට හැකිය.

නුවරඑළිය නගරයේ පිහිටි රේස්කෝස් පිට්ටනිය සුදු රෙද්දක් වැනු පරිද්දෙන් ඉතාමත් සුන්දර අයුරින් මෙසේ තණමත මල් තුහින වැටී තිබිණි.

විදෙස් සංචාරකයන්  නුවරඑළියට වැටී තිබුණු මෙම මල් තුහින දැක ගැනීම සඳහා අලුයම් කාලයේ බොහෝ ස්ථානයන්ගේ රැඳී සිටිනු දක්නට ලැබිණි.