පාස්කු ප්‍රහාරයයෙන් මියගිය අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්


(ඩයනා උදයංගනී)

පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් අදට වසරක් සපිරෙන අතර ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල අගරදගුරු මැදුරේ පිහිටි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විණි.
 
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා විපතට පත්වූවන් සිහිකර විනාඩි දෙකක නිහඬතාවක් පවත්වා ඉටිපහන් දැල්වීමෙන් පසු එහිදී විශේෂ යැදුමක්ද පැවැත්විණි.
 
මැක්ස්වෙල් සිල්වා සහ ජේ.ඩී. ඇන්තනි සහයක රදගුරුතුමන්ලාද මෙම අවස්ථාවට සහභාගී වූහ.