පැල ලක්ෂයක් සිටුවයි


 
(ප්‍රියාණි මංගලිකා නිකවැරටිය )
   
                  
පැල ලක්ෂයක් සිටවමින් නිකවැරටිය නගරය හරිත නගරයක්.කිරීමේ මහා සංග්‍රාමය  අද (05) කොටවෙහෙරදී ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි .
    
                 
මෙහිදී  "ජීවිතයට හුස්මක් " දෙමින් නිකවැරටිය නගරයේ මාර්ග දෙපස සහ නිකවැරටිය මැතිවරණ  කොට්ඨාසයේ සියලු මාර්ග දෙපස වටිනා ගස් වර්ග රෝපනය කිරීම සිදුකෙරේ.
     
           
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව , සුධීරගම පඥ්ඥරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ,නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.පී.පතිරණ මහතාගේ මෙහෙය වීමෙන් , සියලු රාජ්‍ය ආයතන වලද සහය ඇතිව ,නිකවැරටිය ප්‍රාදේශීය සභාව විසින් වැඩසටහන සංවිධානය කෙරේ