පින්නවල සුරංගිට අලි බබාල දෙන්නෙක්


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ දී නිවුන් අලි පැටවුන් උපතක් සිදුව ඇත.

එහි සුරංගි නම් කෙනෙර මෙලෙස නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබේ.

මෙම පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් වන අතර, පළමු පැටවා අළුයම 4.00 ට හා දෙවන පැටවා දහවල් 12.00ට පමණ උපත ලබා ඇතැයි වාර්තා වේ.

මෙය ශ්‍රී ලංකික ඉතිහාසයේ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත වේ.

(ළහිරු හර්ෂණ )