පුරවැසි බලය අත්පත්‍රිකා බෙදයි


(ඉෂාන් සංජීව)

ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් "දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගනිමු" තේමාව යටතේ  අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් පුරවැසි බලයේ සමාජිකයන් පිරිසක් විසින් අද (09) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දි සිදුකෙරිණි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු, ජාතිවාදය හා ආගමික අන්තවාදයට ඉඩ නොදෙනු, දුෂිතයන් හා අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවනු යන තේමා ඔවුහු තම අත් පත්‍රිකාවලට ඇතුළත් කොට තිබුණි.