පේරාදෙණි සිසුහු වීදි බසිති


(මොහොමඩ් ආසික්) 
 
විශ්ව විද්‍යාල තුල නිර්මාණය කර ඇති අර්බුද ඉකිමනින් විසඳා  දැනට අකර්මන්‍ය වී ඇති විශ්ව විද්‍යාල අධ්‍යාපනය යළි ස්ථාපිත කිරීමට ඉක්මන් පියවර ගන්නා ලෙස රජයට බල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් සහ  සත්‍යග්‍රහයක්  අද   සවස මහනුවර ඔරලෝසු කණුව අසලදී පැවැත්විණි.
 

මෙම සත්‍යග්‍රහයේදී විශ්ව විද්‍යාල  සිසුන් අවධාරණය කළේ විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණඩලය මුහුණ දී සිටින ගැටලු වහා විසඳන ලෙසයි. ජාතිවාදය පිටු දකින ලෙසත්, මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොතලාවල විදුහල සමඟ එක් කිරීමට ගන්නා උත්සාහය වහා නවත්වන ලෙසත්  ඔවුහු ඉල්ලති.