පේෂකර්මාන්ත විශ්‍රාමිකයෝ පාරට බසිති


(ජයමාල් චන්ද්‍රසිරි)

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවැති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම මත තනතුර අහෝසි කළ සේවකයින්ට විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික පිරිසක් අද(16) කොළඹ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය අසල සිට විරෝධතා පාගමනක් පැවැත්වූහ.

පාගමනින් අරලියගහ මන්දිරයට යාමට ඔවුහු පැමිණියද ඔවුන්ට එහි යාමට අවසර නොලැබුණු අතර මගදී ඔවුන් ආපසු හරවා යවනු ලැබිණි.