පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජනපතිගේ ඇගයීමට


සුජිත් හේවාජුලිගේ
 
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක්වූහ. 

 
විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසකට මෙහිදී ජනාධිපතිවරයා විශේෂ සම්මාන හා තිළිණ ප්‍රධානය කෙරිණි.මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවෝද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වූහ.
 
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගනිමින් ශ්‍රීලංකාවට විශිෂ්ට ගෞරවයක් පත් කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙහිදී ස්තූතිය පිරිනැමු ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය දෙන බවද ප්‍රකාශ කළේය.
 
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , හිටපු ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතා , ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය