පොහොට්ටුවේ රැළියට ජන ගඟක්


(යොහාන් භාසුර)

රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම් මාලාවේ පළමුවැන්න අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු රජයේ මැති ඇමැතිවරු මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

කොවිඩ් වසංගතයෙන් ජයගැනීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග, අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන සහ ඉදිරි දේශපාලන සහ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිම මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ.

 ‘කොවිඩ්’ අර්බුදය හමුවේ වුවද රජය ජනතාව වෙනුවෙන් විශාල කැපවීමක් සහ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොමැති බවත් මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණ වී ඇති අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටිති. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)