බඹරකන්ද ඇල්ලේ වතුර බොරවෙයි



(සමන්  පාලිත නානයක්කාර)


පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඉකුත් දින හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල ඉස්මත්තේ කන්දක කොටසක් නාය ගොස් ගලා ආ ජලය නිසා දියඇල්ල බොර පැහැයෙන් දිස් විය.

විශාල ජල පහරක් සමගින් දිය ඇල්ලෙන් ගල් ගසාගෙන විත් ඇදහැලුණු බව ප්‍රදේශවාසීහු පවසති.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද ඇල්ලේ උස අඩි 790කි.