බස් අනතුරේ ගල ඉවත් කරයි


(මුදිතා දයානන්ද,නිශාන්ත කුමාර)

බදුල්ල පස්සර මාර්ගයේ දාහතර දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර සිදුවු ස්ථානයේ මාර්ගයට වැටී තිබෙන ගල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

ගල පිහිටි ස්ථානය අවට පදිංචිකරුවන්ට අනතුරක් නොවන පරිදි ගල පුපුරුවා හැර ඉවත් කිරිම සුදුසු බවට එහිදි තිරණය කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ අධ්‍යක්ෂක ආර්. එම්. එස්. බණ්ඩාර මහතා පවසයි.

මෙම ස්ථානයට අමතරව බදුල්ල පස්සර මාර්ගයේ තවත් අනතුරුදායක ස්ථාන පහක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කළ බවද ඔහු කියයි.

මාරක රිය අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයට වැටී තිබු ගල ඉවත් කිරිමට තම ආයතනය මීට මාස හයකට පමණ පෙර නිර්දේශ කර තිබු බවද බණ්ඩාර මහතා පැවසීය.

මෙම ගල වැටි තිබෙන ස්ථානයට තරමක් ඉහළින් නිවාස දෙකක් පිහිටා ඇති අතර ඒවාට හානියක් සිදුවිය නොහැකි නමුත් ගල පුපුරුවා හැරිම අවසන් වන තෙක් තාවකාලික එම නිවාසවල පදිංචිකරුවන් ඉවත් කිරිම සුදුසු බවද ඔහු සඳහන් කරයි.