බියගම අල් - මුබාරක් විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට


‘‘ළඟම පාසල හොඳම පාසල‘‘ වැඩසටහන යටතේ පාසල් 500 කට විද්‍යා හා තාක්ෂණික ගොඩනැගිලි ලබාදීම අද (09) දිවයින පුරා ක්‍රියාත්මක වූ අතර බියගම මැතිවරණ කොට්ඨාසයේ අල් - මුබාරක් ජාතික පාසලේද තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරිණි.

ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල  විවෘත කෙරුණු අතර මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුහල්පති මොහොමඩ් හසීම් , ප්‍රදේශීය ලේකම්වරිය, ආදී ශිෂ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූප - ඩික්සන් වසන්ත)