භූතාන රජ පවුල ගංගාරාමය වඳී


ඡායාරුප -  ශාන්ත රත්නායක

පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි භූතානයේ සිවුවැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව ඇතුළු රාජකීය පවුලේ දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරත වූහ. 

ගංගාරාම විහාරස්ථානය වෙත අද (28) පෙරවරුවේ පැමිණි ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සහ ජිග්මේ ජිග්ටෙන් වැන්ග්චැක් කුමරු ඇතුළු දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර සහ ආචාර්ය කිරින්ඳේ අස්සජි හිමිවරුන් විසින් මහත් හරසරින් පිළිගැනීමෙන් ඇනතුරුව විහාරස්ථානය වෙත කැඳවාගෙන ගියහ.